මැදවච්චිය – වවුනියාව මාර්ගයේ යුද්ධ හමුදා මාර්ග බාධකයට ආසන්නව පවත්වාගෙන ගිය ඔසු සැලකින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මදන මෝදක තොගයක් සහ සැකකරුවෙකු ඊයේ(09)දහවල් අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාඩික්ගම, ඇටවීරගොල්ලෑව ලිපිනයේ පදිංචි 19 හැවිරිදි සැකකරුවෙකි.
මෙම ඔසු සල විසින් පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්ගුලි ජාවාරම සිදු කරන බවට ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් මැදවච්චිය පොලිස් ස්තානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි මැදවච්චිය පොලිස් ස්තානාධිපති ඒ.ඒ.කේ.එස් අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් දූෂණය මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී විවිධ වර්ගයේ මදන මෝදගම් තිබූ බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදීද පාසල්යන වයසේ සිසුන් එම ස්ථානයේ සිට බවත් පොලීසිය කියයි.
මේපිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින් සිදු කරයි.
මැදවච්චය – සජිත් ගයාන් උබේපාල