පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහරට ලක්ව බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ තිදරු මවක් ප්රතිකාර ලබමින් සිටිය දී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය, මීඔය ප්රදේශයේ 50 හැවිරිදි තිදරු මවක් වන ජයසිංහ මුදියන්සේගේ ලාලනි නමැති කාන්තාවකි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වී සිටි මෙම තිදරු මව මැදපෙරදිග ගෘහ සේවයට ගොස් මාසයකට පෙර ලංකාවට පැමිණ ඇති බවත් එහිදී වැඩිමහල් දියණිය සමඟ ඇගේ නිෙවසේ වාසය කරමින් සිට ඇති බවත් කියයි.
එහිදී අවස්ථා කීපයක් දියණියගේ නිෙවසට පැමිණි සැමියා තමන් සමඟ වාසයට නිවෙසට පැමිණෙන ලෙස දන්වා ඇතත් ඔහු නිරන්තරයෙන් දැඩි ලෙස මත්පැන් පානය කර අඬදබර සිදුකර ගැනීම නිසා ඇය නිෙවසට යෑම ප්රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත් 8 දින දියණියගේ නිෙවසට කඩා වැදුණු මෙම සැකකරු පොරොවක් ගෙන බිරිය පසුපස එළවමින් එයින් පහර දී ඇති බවත් මව බේරා ගැනීමට පැමිණි 30 හැවිරිදි දියණියට ද පොරොවෙන් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බවත් කියයි.
පොරෝ පහරට ලක්ව බරපතළ තුවාල සිදුව සිටි දියණිය හා මව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයකට පසු මව මරණයට පත්ව තිබේ.
සිද්ධියෙන් පසු සැකකරු මෙම ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සටහන ඡායාරූප
පුත්තලම අතිරේක – හිරාන් ප්රියංකර ජයසිංහ