Home » විශ්‍රාම වැටුප් අහෝසියට සියලු මන්ත්‍රීවරු එකඟයි

විශ්‍රාම වැටුප් අහෝසියට සියලු මන්ත්‍රීවරු එකඟයි

by sachintha
February 10, 2025 3:10 am 0 comment

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.

පාර්ලිමේන්තු වරප්‍රසාද අඩු කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් නතර කිරීම පිළිබඳ අපි කතා කළේ 2001 පමණ ඉඳලා. මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම අද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකට, අපි මන්ත්‍රීවරු සියලු දෙනාම මේ යෝජනාවට එකඟතාව පළ කරනවා. නමුත් මම කණගාටුවෙනවා. සියලු දෙනාම එකඟ විය යුතු යෝජනාවකදීවත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු එකඟ නෑ ඒ සංස්කෘතිය වෙනස් වෙනවට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කළ යෝජනාවට පක්ෂව කතා නොකර වෙනත් මාතෘකා පිළිබඳ තවමත් ඒ මන්ත්‍රීවරු කතා කරනවා. තවමත් ඔවුන් සූදානම් නැහැ වරප්‍රසාද අඩු කරනවට.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT