යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ගැටුමෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් රෝහල් ගත වී ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණි.
තුවාල ලැබූ සිසුන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් පිළිගැනීම සදහා සංවිධානය කළ උත්සවයකදී එම පීඨයේ 3 වන හා 4 වන වසර වල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුර දිග යාමෙන් පසුව එය ගැටුමක් බවට පත්ව තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානියා මීට සති දෙකකට පමණ ඉහතදී සිය සේවා ධූරයෙන් ඉල්ල අස්වූයේද එම පීඨයේ සිසුන් අතර පවතින ගැටුම් මත්ද්‍රව්‍ය භාවිතය හා නොහොබිනා ලිංගික ක්‍රියා වලට විරෝධය පල කිරීම නිසා ඔහුට විශ්ව විද්‍යාල තුළ සිටිය නොහැකි අන්දමේ පරිසරයක් ගොඩනැගීම හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම පහර දීම සම්බන්ධයෙන් කෝපායී පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත හා තුවාල ලැබූ සිසුන් යාපනය රෝහල් පොලීසියට ලබා දී ඇති ප්‍රකාශයන් මත පරීක්ෂණ ආරම්භ කොට තිබේ.