Home » ඇල්ල ඔඩිසි නානුඔය මංගල ගමන අරඹයි

ඇල්ල ඔඩිසි නානුඔය මංගල ගමන අරඹයි

by yasara
February 10, 2025 2:52 pm 0 comment

විදේශීය සංචාරකයන් අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නව දුම්රිය ගමන් වාරයක් අද (10) දින නානුඔය සිට බදුල්ල දක්වා හඳුන්වා දෙන ලදී.

මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම නානුඔය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.30 ට බදුල්ල බලා ධාවනය වන අතර, බදුල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය නැවත පස්වරු 01.00 ට නානුඔය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහි පළමු පංතියේ වායුසමීකරණය කරන ලද මැදිරියේ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 7000.00 ක් ද දෙවන පංතියේ වෙන් කළ ආසනයක් රුපියල් 6000.00 ක් ලෙස ද තෙවන පංතියේ වෙන් කල ආසනයක් සඳහා රුපියල් 5000.00 ක් වශයෙන් ගාස්තු අය කරනු ලැබේ.

සමිට් ලෙවල් (දුම්රිය මාර්ගයේ උසම ස්ථානය) හා එන්ජින් දිය ඇල්ල ආසන්නයේ දී දුම්රිය සෙමින් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර පසුගිය දිනවල විශේෂයෙන්ම බදුල්ල ප්‍රවේශ පත් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීම තුළින් පැවති අක්‍රමිකතා වැළැක්වීමට බලාපොරොත්තු වේ.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය දින මහනුවර සිට නානුඔය දක්වා ද විශේෂ දුම්රිය ගමන් වාරයක් ද ආරම්භ කරන ලදී.

මෙම දුම්රිය ආරුක්කු 9 පාලම අසලදී විනාඩි 10ක් පමණ නවත්වනු ලැබේ.

(තාරක වික්‍රමසේරක )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT