Home » නිට්ටඹුව නගරය අලුත් කරන්න ජනතා යෝජනා කැඳවයි

නිට්ටඹුව නගරය අලුත් කරන්න ජනතා යෝජනා කැඳවයි

by sachintha
February 10, 2025 2:58 am 0 comment

නිට්ටඹුව නගරය නවීකරණය කිරීම සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීම උදෙසා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පෙරේදා (8) පස්වරුවේ නිට්ටඹුව නගරයේ සංචාරය කර ජනතාවගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීම සිදු කළේය.

මන්ත්‍රීවරයා ජනතාව මුණගැසීමට පැමිණ ඇති බවට සැලවීමත් සමඟ ව්‍යාපාරික ප්‍රජාව, බස් රියැදුරු, කොන්දොස්තරවරුන් හා නගරවාසී පිරිසක් නිට්ටඹුව ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටදී ඔවුන් ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබූහ. මෙහිදී මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ, නිට්ටඹුව නගරය සති කිහිපයක් ඇතුළත නවීකරණය කිරීම සඳහා ප්‍රදේශවාසීන්ගේ අදහස් – යෝජනා ලබා ගැනීම සඳහා තමන් මෙම සංචාරයේ නිරතව සිටි බවයි.

ඔහු තවදුරටත් මෙසේද කීය.

Òසමහර කඩාකප්පල්කාරී පිරිස් ප්‍රචාරයක් යවා තිබෙනවා ස්වයං රැකියා කරන වෙළෙඳ ප්‍රජාව ඉවත් කරන්න තමයි යන්නේ කියා. අපේ ආණ්ඩුව පසුගිය ආණ්ඩු වගේ ජනතාවට ද්‍රෝහී වැඩ කරන්නේ නෑ. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ බස්වල කෑලි ගලවන එකවත්, ත්‍රිරෝද රථවල ස්ටිකර් ගලවන එකවත් නොවෙයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් උපරිම කෙටි කාලයක් තුළ නිර්මාණය කිරීමයි. ඒ අනුව මේ නිට්ටඹුව ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු මුළු නගරයම ඉතාමත් කෙටි කාලයක් තුළ නවීකරණය කරනවා.

වේයන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT