Tuesday, May 6, 2025
Home » යුද හමුදාවෙන් දිළිඳු පවුලකට නව නිවෙසක්

යුද හමුදාවෙන් දිළිඳු පවුලකට නව නිවෙසක්

by sachintha
February 10, 2025 1:12 am 0 comment

ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් වවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ දිළිඳු පවුලකට යුද හමුදාව විසින් ඉදි කරන ලද නව නිවෙසක් එහි හිමිකරු වෙත බාර දීම, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අතින් පෙරේදා (8) සිදු කෙරිණි. ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජනරාල් චන්දිමාල් පීරිස් මහතාගේ උපදෙස් මත, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ඇටඹගස්කඩ ශ්‍රී වර්ධනපුර ගම්මානයේ සුරේෂ් කුමාර මහතාගේ පවුල වෙනුවෙන් මෙම නිවෙස ඉදිකරනු ලැබීය. නිවෙස බාර දීමේ අවස්ථාවට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්, පරිපාලන නිලධාරීන් හා ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT