මඩකලපුව දිස්ත්‍රික් මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිනි ජස්ටිනා මුරලිදරන් මහත්මියගේ උපදෙස් පරිදි වවුනතිව්, පට්ටිපලේ, පෝරතිව් සහ වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදු කරන ලද පරීක්ෂාවකදී අනවසර කිරුම් මිනුම් උපකරණ 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බව දිස්ත්‍රික් මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
වව්නතිව්, පට්ටිපලේ, පෝරතිව් සහ වෙල්ලාවෙලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වී අස්වනු නෙළීම් මේ වනවිට සිදුවෙමින් පවතින අතර, ස්ථාන 110ක සිදු කරන ලද පරීක්ෂාවේදී අනවසර කිරුම් මිනුම් උපකරණ 10ක් සහ මුද්‍රා නොකළ මිනුම් උපකරණ 4 ක් ද අත්අඩංගුවට ගත් අතර කිරුම් මිනුම් කිරීම සඳහා අනුමත මිනුම් උපකරණ 43 ක් සොයා ගත් බව දිස්ත්‍රික් මිනුම් ඒකක, ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ භාර නිලධාරි වී. විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් කිරුම් මිනුම් උපකරණ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනතට අනුව නීතිමය කටයුතු සඳහා මඩකලපුව සහ කලුවන්චිකුඩි දිස්ත්‍රික් අධිකරණ වෙත භාර දෙන බව ස්ථානාධිපතිවරයා පැවසීය.
මඩකලපුව සමූහ – ටී.එල්. ජව්ෆර්කාන්