Home » හදවත් රෝගයෙන් සුවය ලද අමෙරිකානු කතකගෙන් අනුරාධපුර රෝහලට දැඩිසත්කාර ඒකක ඇඳන්

හදවත් රෝගයෙන් සුවය ලද අමෙරිකානු කතකගෙන් අනුරාධපුර රෝහලට දැඩිසත්කාර ඒකක ඇඳන්

by sachintha
February 10, 2025 1:16 am 0 comment

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන අතරතුර හදිසියේ ඇති වූ හෘද රෝගයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අ‍ෙමරිකානු ජාතික කාන්තාවක් සුවය ලැබීමෙන් අනතුරුව තමන් ප්‍රතිකාර ලැබූ වාට්ටුව සඳහා අවශ්‍ය මිලියනයක් පමණ වටිනා නවීන දැඩිසත්කාර ඒකක ඇඳන් හතරක් රෝහල වෙත පරිත්‍යාග කිරීම ඉකුත් 06 වැනිදා පස්වරුවේ සිදු කෙරිණ.

අමෙරිකානු ජාතික Jane Japsen වන කාන්තාව විසින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු රණවිර මහතා වෙත මෙම ඇඳන් භාරදීම සිදුකරන අතර හෘද රෝග ඒකකයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී එම කාන්තාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් සිදු කළ වෛද්‍ය සේවාව පිළිබඳව ඇගයීමක් ද සිදු කරනු ලැබුවාය.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT