Saturday, May 10, 2025
Home » තෝරයායේ මාරක බස් අනතුරේ ICU ලෙඩ්ඩු ගණන ඉහළට

තෝරයායේ මාරක බස් අනතුරේ ICU ලෙඩ්ඩු ගණන ඉහළට

by chanaka
February 11, 2025 11:55 am 0 comment

මඟීන් සිව් දෙනකුට මරු කැඳවමින් තිස්තුන් දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයායේදී ඊයේ අලුයම 4.50ට පමණ කුරුණෑගල දෙසටම ධාවනය කරවූ පෞද්ගලික බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මැල්සිරිපුර සිට කුරුණෑගලට එක් බස් රථයක් ධාවනය වෙමින් තිබී ඇති අතර එම බස් රථය මගීන් නංවා ගැනීමට නතරකර තිබියදී පසුපසින් පැමිණි මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය පාලනයකින් තොරව පැමිණ ගැටී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT