උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කිරීම, තොරතුරු නොමැතිව සහල් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් නුවර පාර දළුගම, කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට රුපියල් එක් ලක්ෂ දස දහසක දඩයක් මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් එච්. ඩී. සමරසිංහ මහතා ඊයේ (10) නියම කළේය.
මෙලෙස දඩ නියම වූයේ නුවර පාර, දළුගම, කැලණිය ප්‍රදේශයේ පදිංචි කේ. ඩී. ගයාන් අතුකෝරළ නමැති අදාළ පෞද්ගලික අයතනයේ නිලධාරියකුටය.
මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසිනි.
කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260ක් වන බවට රජය විසින් පාලන මිලක් නියම කර තිබුණත්, එම ආයතනය හාල් කිලෝ පහක් සඳහා රුපියල් එක් දහස් හය සියයක මුදලක් අය කර ඇති බව පැමිණීල්ල අධිකරණයට සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් වන ආර්.එච්. කසුන්
සුරේෂ් කුමාර සහ නදීකා රත්නප්‍රිය යන මහත්ම, මහත්මින් විසින් පැමිණිල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග