ඩෙංගු වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ වැඩිම ක්‍රියාකාරිත්වය උදෑසන 7 සිට 11 දක්වා සිදු වන බවට පර්යේෂණවලින් හෙළි කර ගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා “දිනමිණ”ට ඊයේ (10) පැවසීය. එම මදුරුවාගේ සවස ක්‍රියාකාරිත්වය එතරම්ම නොවන බවත් පුද්ගලයාට ඩෙංගු ආසාදිත කරවීමට මදුරු දෂ්ටන සිදුවනුයේ වැඩිපුරම උදේ කාලයේදී බවත් ඒ මහතා පැවසුවේය.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල සහ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ වසරක් පමණ තිස්සේ ඩෙංගු මදුරුවා සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් මේ බව හෙළිව ඇති බවත් ඩෙංගු මදුරුවා ඉතාම ඉක්මණින් අනුවර්තනය වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඩෙංගු මදුරුවාගේ අනුවර්තනය සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය.
සන්ධ්‍යා කරුණාරත්න