Home » සීගිරිය ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර පෙරමුණට

සීගිරිය ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර පෙරමුණට

by yasara
February 11, 2025 11:13 am 0 comment

sigiriya

මෙම වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර සීගිරිය පෙරමුණ ගෙන තිබෙයි.

පරිශීලකයන් විශාල ප්‍රමාණයක් භාවිත කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මේ බව, අනාවරණය කර තිබෙයි

බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය පරිශීලකයින් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරයි.

එහි තොරතුරු අනුව ලොවපුරා මිලියන 360 කට අධික පිරිසක් සිය නැරඹුම් සහ නැරඹීම් මධ්‍යස්ථානය ලෙස සීගිරිය පිළිබඳව තොරතුරු සොයා තිබෙයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරයි.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුව විශ්මය ජනක දසුන් ලබා දෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බව ද වෙබ් අඩවියේ සඳහන් වෙයි.

මෝස්තර සහිත බතික් නිර්මාණ, විසිතුරු භාජන සහ අත්කම්, රෙදිපිළි සහ සීගිරිය අසළ ගම්මාන මඟ නොහැරිය යුතු බවයි, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සංචාරකයින්ට දැනුම් දෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT