Home » පාසල් ළමුන් ඉලක්ක කර සිදු කළ මත්ගුළි ජාවාරමක් මාට්ටු

පාසල් ළමුන් ඉලක්ක කර සිදු කළ මත්ගුළි ජාවාරමක් මාට්ටු

by sachintha
February 11, 2025 1:56 am 0 comment

මැදවච්චිය – වවුනියාව මාර්ගයේ යුද හමුදා මාර්ග බාධකයට ආසන්නව පවත්වාගෙන ගිය ඔසුසලකින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මදන මෝදක තොගයක් සහ සැකකරුවෙකු පෙරේදා (09) දවල් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාඩික්ගම, ඇටවීරගොල්ලෑව ලිපිනයේ පදිංචි 19 හැවිරිදි සැකකරුවෙකි.

මෙම ඔසුසල විසින් පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම මත්ගුළි ජාවාරම සිදු කරන බවට ගුරුවරුන්ගෙන් සහ මවුපියන්ගෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාට දෙන ලද තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස්. අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී විවිධ වර්ගයේ මදන මෝදක තිබූ බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදීද පාසල් සිසුන් එම ස්ථානයේ සිටි බවත් පොලීසිය පවසයි. මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කැබිතිගොල්ලෑව සමූහ එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT