තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ තිබී පෙරේදා (09) පස්වරුවේ හමු වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් පැවසීය.
අවුරුදු 03ක් පමණ වයසැති මියගොස් ඇති ගැහැනු කොටියාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදු වී ඇති බවත්, එම තුවාලය වාහනයකට ගැටී හෝ කිසියම් පුද්ගලයෙකු විසින් පහරදීමෙන් සිදු වූ තුවාලයක් බවට වනජීවි නිලධාරින් සැක කරයි.
මේෆිල්ඩ් වතුයායේ තේ වත්තේ කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට දිඹුල පතන පොලීසිය විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවත්, කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල වනජීවි පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බවද වනජීවි නිලධාරීන් පැවසීය.
හැටන් – රංජිත් රාජපක්ෂ