සිරිලක කිතුනු ජනතාව අතර ඉමහත් ගෞරවාදයට පාත්‍ර වූ තලවිල ශාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ අභිනව මීසම් පාලක පියතුමන් වශයෙන් ජයන්ත පෙරේරා පියතුමන් මහත් හරසරින් පිළිගැනීම එම සිද්ධස්ථානයේ දී පසුගියදා සිදු විය.
එම සිද්ධස්ථානයේ හිටපු මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමන් විසින් සිද්ධස්ථානයේ භාරකාරත්වය නව පියතුමන් හට පැවරීම ද මෙහිදී සිදු විය.
මෙහිදී සිද්ධස්ථානයේ නව සහායක පියතුමන් වන අශාන් නිමේදික චාමර ප්‍රනාන්දු පියතුමන් පිළිගැනීම ද සිදු විය. මෙම අවස්ථාවට පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ද, රජයේ නිලධාරීහු ඇතුළු ප්‍රභූවරු රැසක්ම සහභාගී වූහ. මෙම අවස්ථාවට කිතුනු ජනතාව බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා