Home » රංගිරි දඹුලු විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය දා

රංගිරි දඹුලු විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය දා

by sachintha
February 11, 2025 1:02 am 0 comment

රංගිරි දඹුලු විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පසුගියදා අති සාර්ථක ලෙස පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයින් 2236ක් අතුරින් 1344ක ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර ඇති අතර ප්‍රතිඵල අනුව සභිකයින් 120ක් අභිනව ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගෙන තිබේ.

මැතිවරණ කොමසාරිස් ලෙස විදුහල්පති ජානක විජේසිංහ, ප්‍රධාන තේරීම්භාර නිලධාරී ලෙස නියෝජ්‍ය විදුහල්පති නෙරංජලා වික්‍රමතිලක, නියෝජ්‍ය මහලේකම් (පාලන) ලෙස විද්‍යාලයේ ආචාර්ය නිශාන් අලහකෝන්, නියෝජ්‍ය මහලේකම් (විනය) ලෙස විද්‍යාලයේ ආචාර්ය ජනක එස්. කුමාර, නියෝජ්‍ය මහලේකම් (සංවර්ධන) ලෙස විද්‍යාලයේ ආචාර්ය මධුවන්ති සෙනවිරත්න යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. ඊට අමතරව ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරි, සහකාර ගණන් කිරීමේ නිලධාරි, ඡන්ද ස්ථානාධිපති, ලිපිකරු ආදී ජාතික මැතිවරණයක සියලු තනතුරුවලින් සමන්විත වූ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සං‍කල්පයක් වන මැතිවරණයක ක්‍රියාපටිපාටිය පිළිබඳ පාසල් දරුවන්ට අවබෝධයක් ලබාදීමටයි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලු සිසු දරු දැරියන්ට එම නියෝජනය තුළින් ලැබෙන පන්නරයෙන් අනාගත සමාජයේ නයකයින් බවට පත්වන්නට හැකි වේවායි සුභාශිංසන එක් කරන්නෙමු.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT