ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව Òසුන්දර වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්Ó යන තේමාවට අනුව තංගල්ල පරේවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පෙරේදා (9) පැවැත්විණි.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තංගල්ල මූලස්ථාන පොලීසිය, තංගල්ල නගර සභාව ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මෙදින තංගල්ල ධීවර වරාය, පල්ලික්කුඩාව නාවික කුලුන අසල, ජූල්ගහවැල්ල, ගොයම්බොක්ක, උණාකූරුව අමාන් වැල්ල, සීනිමෝදර, මාවැල්ල තුඩුව, හුම්මානය අසල සහ කුඩාවැල්ල ධීවර වරාය අසල වෙරළ තීරයන් පිරිසිදු කළ බවද සංවිධායකයෝ පවසති.
තංගල්ල සමූහ – පද්මසිරි ගාර්දියවසම්