Home » මාතලේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවි අලෙවි පියස ජනතා අයිතියට

මාතලේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවි අලෙවි පියස ජනතා අයිතියට

by sachintha
February 11, 2025 1:04 am 0 comment

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත මාතලේ නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවි අලෙවි පියස ජනතා අයිතියට පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

මෙම මධ්‍යස්ථානය තුළින් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජතාවගේ බිම්මල් බීජ අවශ්‍යතාවයෙන් 55%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන අතර, බිම්මල් බීජ නිෂ්පාදනය, පස් පරීක්ෂා කොට ඉඩම්වල පෝෂණ තත්ත්වය විශ්ලේෂණය කිරීමට හා සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහාවූ විද්‍යාගාර පහසුකම් ලබාදීම මෙන්ම ගොවිපොළේ හා එම ප්‍රදේශයේ වගාවන්හි අස්වනු සාධාරණ මිලකට මහජනතාවට ලබාදීම සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඞහපොළ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ජයලත් බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයන්ත සමරවික්‍රම යන මහත්ම මහත්මීන් හා කෘෂිකර්ම නිලධාරීහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT