තෝරගල, පදලංගල ලිපිනයේ පදිංචි ජේ.කේ. සරලා මහේෂනි, කන් ඇසීමේ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක්ව සිටින අතර වසර 12ක පමණ කාලයක සිට මානසික ආතති රෝගයට හම්බන්තොට මහ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා අයෙකි.
මව දරුණු වකුගඩු රෝගයකට ලක්ව ප්‍රතිකාර ලබා ගන්නා අතර පියා ද අක්ෂි ආබාධ හෘද රෝගියෙකි. මොවුන් සියලුදෙනා මාස් පතා සායනවලට සහභාගී වී ප්‍රතිකාර ලබා ගනිති. දරුවන් ද පදලංගල සිරිසඝබෝ විද්‍යාලයෙහි ඉගෙනුම ලබන අතර සැමියා ද වකුගඩු දෙකම අක්‍රිය තත්වයට පත්ව අසාධ්‍ය තත්වයෙන් වෙන්ව වාසය කරනු ඇත. මවුපියන් ඇතුළු දරු පවුල නඩත්තු කිරීම සඳහා සරලා කුලියට ගඩොල් කපන අතර එමඟින් ලබා ගන්නා සොච්චම් මුදල එම පවුලට දෙවේලටවත් ප්‍රමාණවත් නොවේ. රජයේ සහනාධාරයක් ලෙස අස්වැසුම පමණක් ලැබී ඇත.
මොවුන් මේ වන විට ඥාතියකුට අයත් කුඩා පැල්පතක ජීවත් වන අතර ආරක්ෂා ඇතුව ඉන්නට නිවෙසක් ද නොමැත. සරලා නමට කුඩා බිම් කොටසක් හිමිව ඇති අතර එහි තමන්ට කියා කාමරයක් සාදා ගැනීම සිහිනයකි. පිං කැමති සැමගෙන් ඉල්ලා සිටින්නේ එවන් කාමරයක් සාදා ගැනීමට උදව් උපකාර කරන ලෙසටය. මේ පිළිබඳව සොයා බලා සරලාගේ ඉල්ලීම කුඩා දරුවන් වෙනුවෙන් හෝ ඉටුකර
දෙන්නේ නම් මහඟු පිනකි.
ඇඹිලිපිටිය සමූහ – සේන වී. ගමගේ