ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 06 වැනි දින සිදු කළ වැටලීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආපණ ශාලාවේ සනීපාරක්ෂාවට අහිතකර පරිදි අධිශීතකරණය තුළ ගබඩා කරන ලද බත් කිලෝග්‍රෑම් විසිපහක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ ගබඩා කළ බත් විටින් විට සිසුන්ට නැවත රත්කොට කෑමට ලබාදී ඇත. අදාළ සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් තුන්දහසක දඩයක් නියම කොට අදාළ ආහාර තොගය විනාශ කිරීමට නියෝග කොට ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල නන්දසේන විසින් නඩු පැවරීම සිදු කළ අතර වැටලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිරෝෂණ ලංකාතිලක හා කේ.ඒ.යූ. සේනාරත්න මහත්වරුන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනය පාලක හා අනෙකුත් විනය පාලකවරුන් හා ආරක්ෂක අංශයේ ආර්.ඒ.එල්. වීරසිංහ යන අය සහභාගී වූහ.
ගලහ සමූහ – සී.කේ. වික්‍රම