Wednesday, May 7, 2025
Home » නදියා වෙරළේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනේ

නදියා වෙරළේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනේ

by sachintha
February 11, 2025 1:07 am 0 comment

කාත්තාන්කුඩි නදියා වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 15 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නව කාත්තාන්කුඩි නූරානියා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලැබූ රමීස් සමීල් සනාහි සිසුවා බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගිය සිසුවා සහ ඔහුගේ මිතුරන් පස් දෙනකු ඉකුත් 08 වැනිදා කාත්තන්කුඩි නදියා වෙරළ තීරයට පැමිණ මුහුදේ පිහිනමින් සිට ඇති බවත් එහිදී මෙම සිසුවා රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවටත් කරුණු හෙළිව ඇතැයි පොලීසිය කියයි. එහිදී අනෙක් මිතුරන් ඇතුළු ගම්වාසීන් පිරිසක් රළ පහරට හසුවී ගසාගෙන ගිය සිසුවා සොයා ඇති නමුත් පසුව 09 වැනිදා සිසුවාගේ සිරුර වෙරළට ගොඩගසා ඇති බවත් පොලීසිය කියයි.

මඩකලපුව වාර්තාකරු – ටී. එල්. ජව්ෆර්කාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT