Sunday, May 11, 2025
Home » මන්ත්‍රී අර්චුනා පිඟානකින් පහරදුන් පුද්ගලයාට සැත්කමක් කරයි

මන්ත්‍රී අර්චුනා පිඟානකින් පහරදුන් පුද්ගලයාට සැත්කමක් කරයි

by chanaka
February 12, 2025 1:35 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස් වීම සිදුව තිබුණි.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇතැයි වාර්තාවේ.

පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය.

පහරදීම සිදුවීමට පෙර එම ස්ථානයේ වූ බහින්බස් වීමට අදාළ වීඩියෝවක් අර්චුනා රාමනාදන් මහතා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ පළ කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT