Home » සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශන කමිටුවක්

සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශන කමිටුවක්

by sachintha
February 12, 2025 12:40 am 0 comment

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශන කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කොට ඇත.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැපයීම ඉලක්ක කර ගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කරයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන සියලු පාර්ශ්වකරුවන් එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධීකරණය කරමින් එකී අංශය විධිමත් ලෙස දියුණු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ද ඇතිව මෙම උපදේශක සභාව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ විෂය පථයන් ඔස්සේ දායකත්වය දක්වන රාජ්‍ය ආයතනවල සාමාජිකයන් හත් දෙනකුගෙන් ද අදාළ විෂයට සම්බන්ධ විශේෂඥයන් හත්දෙනකුගෙන් ද මෙම කමිටුව සමන්විත වේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT