Home » නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන්

නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන්

සත්ත්ව වයිරස මිනිසාට බෝ වීමේ අවදානමක්

by sachintha
February 12, 2025 12:42 am 0 comment

ශ්‍රී ලංකාවටම ආවේණික වූ නව මදුරු විශේෂයක් මේ වන විට පර්යේෂණවලින් සොයාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා ‘දිනමිණ’ට ඊයේ (11) පැවසීය.

ලෝකයේ වෙනත් කිසිදු රටකින් මෙම මදුරු විශේෂය වාර්තා වී නොමැති බවත් ශ්‍රී ලංකාවටම ආවේණික වූ මෙම මදුරු විශේෂය සත්ත්වයන්ගේ සහ මිනිස්සුන්ගේ දෙගොල්ලගේම රුධිරය උරා බීම විශේෂත්වයක් බවත් ඒ මහතා පැවසුවේය. මෙම මදුරු විශේෂය සත්ත්වයන්ගේ සහ මිනිස්සුන්ගේ රුධිරය උරා බීම නිසා සත්ත්වයන් තුළ තිබෙන වයිරස වර්ග මිනිස් සිරුරට ඇතුළු වී මිනිස් සමාජයට භයානක තත්ත්වයක් උදා විය හැකි බව ද ඒ මහතා කීය.

නව මදුරු විශේෂය සම්බන්ධයෙන් වසරක් පමණ තිස්සේ පර්යේෂණ සිදු කරන බවත් මෙම මදුරු විශේෂයට තවම නමක් දමා නොමැති අතර, ඉදිරියේදී නමක් දමා එළිදැක්වීම සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දකුණු කොරියානු පර්යේෂණාගාරවලට යවා නව මදුරු විශේෂයේ ජාන හඳුනා ගැනීමේ පරීක්ෂාව තහවුරු කළ බව ද ඒ මහතා පැවසුවේය. පසුගිය වසර පහක පමණ කාලය තුළදී මදුරු විශේෂ 4ක් හඳුනාගෙන වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් එළිදක්වා ඇතැයි ද හෙතෙම පැවසීය. වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල, අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පර්යේෂණ සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT