50
අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, වලතර මෙත්තාරාමාධිපති, වලතර සුභූති අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේගේ 77 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් එම විහාරස්ථාන ධර්ම මන්දිරයේදී සිදු කෙරිණ.
වැඩම කළ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කර උන්වහන්සේට ආශිර්වාද කළ අතර, එහිදී ධර්ම ජයන්ති දහම් පාසල් දූ දරුවන්, මවුපියන් හා විහාරස්ථ දායක සභාව එකතුව බෝධි පූජා පින්කමක් සිදු කර උන්වහන්සේට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමට පියවර ගෙන තිබිණ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා