ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය වර්ෂයේදී විශ්‍රාම ලැබූවන් වෙනුවෙන් සංවිධාන කෙරුණු ‘උත්තමාචාර උපහාර උලෙළ’ ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙම උලෙළේදී වසර 17ක් වෙල්ඩින් උපදේශකවරයකු ලෙස සේවය කළ ඩී.කේ.ආර්. ජනප්‍රිය, වසර 28ක් මෝටර් කාර්මික උපදේශකවරයකු ලෙස සේවය කළ ඒ.ජී. ගුණවර්ධන, වසර 26ක් ඇඟලුම් හා ඇඳුම් මැසීම සම්බන්ධ උපදේශිකාවක ලෙස සේවය කළ පී.එම්. දීපරාණී, වසර 25ක් වෙල්ඩින් උපදේශකවරයකු ලෙස සේවය කළ ඩබ්.කේ. සරත්, වසර 24ක් වඩු කාර්මික උපදේශකවරයකු ලෙස සේවය කළ ඒ.එල්. සරත්, වසර 26ක් අධිවේගී මැහුම් හා සූපවේදී උපදේශිකාවක ලෙස සේවය කළ එල්.සී. කණකරත්න, වසර 23ක් කළමනාකරණ සහකාරවරයකු ලෙස සේවය කළ ජී.ජී.ඒ. ප්‍රියන්ත, වසර 23ක් කාර්යාල කාර්ය සහායකවරියක ලෙස සේවය කළ ඩබ්.එල්.ඒ. මල්ලිකා යන මහත්ම මහත්මීහු උපහාරයට පාත්‍ර වූහ. වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සුබසාධක සංගමය විසින් මෙය සංවිධාන කරන ලදි.
බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ