Home » බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා

by sachintha
February 12, 2025 1:00 am 0 comment

බණ්ඩාර‍ෙවල මධ්‍ය මහා විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුදැරියන් සහ ගුරුභවතුන් ඇගයීමේ “ශිල්පාභිනන්දන 2024” උත්සවය ඉකුත් 07 වැනිදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සවය වසර දහතුනකට පසු විද්‍යාලයේ විදුහල්පති විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් සංවිධානය කර තිබූ අතර, මෙහිදී පාසලේ 5 වසර ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් විශිෂ්ට ලෙස සමත් සිසු සිසුවියන් ඇගයීම, හොඳම පැමිණීම, විෂය ප්‍රවීණතාවය, විෂය සමගාමී ජයග්‍රහණ, ඔලිම්පියාඩ්, සමාජ විද්‍ය, විද්‍යා, සෞන්දර්ය, නර්තන, දෙමළ, ඉංගීසි, නාට්‍ය හා රංග කලාව, සංගීතය, ක්‍රීඩා ජයග්‍රහණ, පාසලේ විෂය සමගාමී තරගවලින් දිස්ත්‍රික්, පළාත් හා සමස්ථලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගත් සිසුදරුවන් සහ එම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරුභවතුන් ඇගයීමට ලක්කර සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර, විද්‍යාලයේ විදුහල්පති විශාඛා රාජපක්ෂ, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න,

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් යන මහත්ම මහත්මීන්ද ආදි ශිෂ්‍යයින්, ගුරුභවතුන්, මවුපියන් සහ සිසු සිසුවියෝ සහභාගි වූහ.

 

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT