ජාතීන් අතර සුහදත්වය වර්ධනය කරලීමේ අරමුණ ඇතිව 2025 නව පාසල් වාරය සඳහා පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ පිරිනැමීමේ සත්කාර වැඩපිළිවෙළක්, මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මැදිරිගිරිය අස්සජි නායක හිමිපාණෝ ඉකුත්දා ආරම්භ කළහ. මෙහිදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අතිදුෂ්කර පාසලක් වන මැදිරිගිරිය අන්නූර් මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන් 295දෙනකු සඳහා පොත්පත්, පෑන්, පැන්සල් ඇතුළු උපකරණ රැසක් පරිත්‍යාග කිරීම අස්සජි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිසරයේදී සිදු කෙරිණි. මේ අවස්ථාවට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්. කරුණාරත්න, විදුහල්පති එම්.එම්. අලිඅක්බාර් යන මහත්වරුන් ඇතුළු විදුහලේ ගුරු මණ්ඩලය හා මවුපියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ඇළහැර – සරත් වෙලගෙදර