Sunday, May 11, 2025
Home » වනඅලි එළවා වනජීවියෙන් පොල් පැළ බෙදති

වනඅලි එළවා වනජීවියෙන් පොල් පැළ බෙදති

by sachintha
February 12, 2025 1:26 am 0 comment

වනඅලි තර්ජන බහුලව ඇති කරුවලගස්වැව නෙල්ලිවැව, සියඹලාවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙත නොමිලේ පොල් පැළ බෙදා දීමට කරුවලගස්වැව වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මෙලෙස පසුගිය දින කිහිපය පුරාම කරුවලගස්වැව ගම්මාන රැසක ජනතාව වෙත පොල් පැළ 500කට අධික සංඛ්‍යාවක් බෙදා දීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණි.

එක් පවුලක් සඳහා පොල් පැළ 5කට ආසන්න සංඛ්‍යාවක් ලබා දෙමින් එම පොල් පැළ ඔවුන්ගේ පරිභෝජනය සඳහා තම ගෙවතු ඉඩමේ වගා කිරීමට මෙලෙස බෙදාදීම සිදුවිය.

මෙම පොල් පැළ බෙදාදීම පිළිබඳව කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ, අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා පවසා සිටියේ, හිතවත් ඉඩම් හිමියකු විසින් ඔහුගේ විශාල ඉඩමේ දමා තිබූ පොල් තවානකින් මෙලෙස පොල් පැළ ලබා දීමට කටයතු කළ බවත් එම පොල් පැළ නිරන්තරයෙන් අලි තර්ජන පවතින ගම්මානවල ජනතාවට ලබා දීම මඟින් අරමුණු කළේ වනඅලින් වනසා දැමූ පොල් වගාවන් වෙනුවට සුළු ලෙස හෝ මෙවැනි පැළ කිහිපයක් තම ගෙවත්තේ වගා කර යළි එය ආරක්ෂා කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් ඇති කිරීම වනජීවියේ අරමුණ වී ඇති බවයි.

ඒ අනුව කෙසේ හෝ පොල් වගාව වනඅලි තර්ජන මැද වගා කරනු ලබන වගාකරුවන් පිරිසක් බිහි කිරීමට වනජීවිය දැඩි කැපවීමක නිරත වන බව ද පවසන්නට විය.

පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT