Home » මව අහිමි වූ අලුත උපන් එළු පැටියා බැල්ලියකගේ කිරි බී වැඩෙයි

මව අහිමි වූ අලුත උපන් එළු පැටියා බැල්ලියකගේ කිරි බී වැඩෙයි

by sachintha
February 12, 2025 1:27 am 0 comment

පැටවා බිහි කිරීමේදී එළුදෙන මියයාමෙන් පසුව අලුත උපන් එළු පැටවාට බැල්ලියක් විසින් කිරි පොවන දසුනක් මේ දිනවල යාපනයේ නැඟෙනහිර ප්‍රදේශයේ එළුතුමට්ටුවාල් ප්‍රදේශයේදී දැක ගැනීමට පුළුවන් වී තිබේ.

අලුත උපන් එළු පැටවා මව අහිමිව එළුගාලේ සිටි නමුත් පැටවාට කිරි දීමට එකම එළුදෙ‍ෙනක් හෝ කැමැත්තක් දක්වා නොමැත.

එළු පැටවා කිරි සොයමින් සෙසු එළු දෙනන් ළඟට යන අවස්ථාවලදී එළුදෙනුන් එම පැටවාට ඇනීමටත් ඉවත් කිරීමටත් පටන් ගෙන තිබේ.

පසුව එළු පැටවා අසලට පැමිණි බැල්ලියක් එළු පැටවාව ලෙවකමින් කිරි දීමට පටන් ගෙන තිබේ.

එදා සිට එළු පැටවා බැල්ලියගෙන් කිරි උරාබොන අතර, එළුතුමට්ටුවාල් හන්දියේ සිට කුඩා නගරය දෙසට ඔවුන් දෙදෙනා දැඩි මිතුරු බැඳීමකින් නිතර නිතර ගමන් කරන්නට ද පටන් ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT