146
වියට්නාම තානාපති ට්‍රින් තයි ටැම් මහත්මිය සහ බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර සාකච්ඡාවක් අද(13) පෙරවරුවේ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙවර වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුම පිලිබඳව සහ අමාත්‍යවරයා විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ ඇති Dang Thuy Tram සුප්‍රකට දින පොත ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එකී පරිවර්තන කටයුත්ත පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු වියට්නාම තානාපතිනිය තමා දැනුවත් කර ඇති බවද එතුමිය වැඩිදුරටත් පැවසීය.