Home » නොරොච්චෝලේ තව පැය කිහිපයකින් පණ ගන්වයි

නොරොච්චෝලේ තව පැය කිහිපයකින් පණ ගන්වයි

by chanaka
February 13, 2025 7:03 pm 0 comment

නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍ර අද පෙරවරුව වන විට ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත්ව තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව ඉංජිනේරුවන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ එම යන්ත්‍ර පණගන්වන බව ද සඳහන් කළේය.

එම යන්ත්‍රවල ක්‍රියාතවය අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව පිළිබඳව තීරණය කරන බවත් විදුලි කප්පාදුව තව දුරටත් කරන්නේද යන්න හෙට පෙරවරුවේ තීරණය කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT