ප්‍රංශයේ පැරිස් නුවර පැවති කෘත්‍රිම බුද්ධි සමුළුවේ සමසභාපතිත්වය දරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට සමගාමීව ප්‍රංශය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වෙළෙඳ ගනුදෙනුවේ වැඩි අවධානය ආරක්ෂාව සහ අභ්‍යවකාශ ක්ෂේත්‍ර සඳහා යොමු කර ඇතැයි ප්‍රංශ – ඉන්දීය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති කුමාර් ආනන්ද ප්‍රකාශ කළ බව ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රංශ සංචාරයට පෙර දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 20කට අඩු මට්ටමක පැවැති බවත්, මේ වනවිට ආරක්ෂක, ගුවන් යානා, ගුවන් හමුදා ඉලක්ක කරමින් එය ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඇතැයි ප්‍රංශ – ඉන්දීය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සභාපති විශ්වාසය පළ කර ඇතැයි වාර්තා වේ.
ප්‍රංශයේ ක්‍රියාත්මක වන ඉන්දීය සමාගම් සැලකිල්ලට ගැනීමේදී එවැනි විශාල වෙළෙඳ ගනුදෙනුවක් සඳහා වැඩි අවස්ථාවක් ඇති බව ද වාර්තා වේ. මේ වනවිට ඉන්දීය සමාගම් 100කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රංශය තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.