ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ බහුලව ව්‍යාප්ත වී ඇති කොකේන් මත්ද්‍රව්‍ය නීතිගත කරන්නැයි කොලොම්බියාවේ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට රූපවාහිනියෙන් සජීවිව විකාශය කළ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර කොලොම්බියාවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොකේන් විස්කි තරම් නරක නැතැයි විද්‍යාඥයන්ගේ විශ්ලේෂණවලින් තහවුරු වී ඇති බවය. ලතින් අමෙරිකානු රටවල නිෂ්පාදනය වීම හේතුවෙන් එය ජාත්‍යන්තරව තහනමට ලක් වී ඇති බව ද කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කොකේන් නීතිගත කරන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.