Sunday, May 11, 2025
Home » යතුරුපැදියක් පෙරළී දහසය හැවිරිදි සිසුවා මරුට

යතුරුපැදියක් පෙරළී දහසය හැවිරිදි සිසුවා මරුට

by sachintha
February 13, 2025 1:05 am 0 comment

යතුරුපැදියක් පෙරළී යෑමෙන් සිදු වූ අනතුරිකින් නිකවැරටිය කිවුලේගම ප්‍රදේශයේ දහසය හැවිරිදි පාසල් සිසුවකු මරණයට පත්ව ඇතැයි නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය, කිවුලේගම, ගල්කන්ද ලිපිනයේ පදිංචි නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්. එම්. නිම්සර අභිමාන් වන්නිනායක සිසුවායි.

මරණයට පත් දරුවා මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් සිටි බව ද පැවසේ.

මෙදින අමතර පංතියකට සහභාගි වීම සඳහා මෙම දරුවා සිය යතුරුපැදියෙන් නැබඩාව ගිරිල්ල මාර්ගයේ යමින් සිටිය දී යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් මෙම මරණය සිදුව ඇතැයි ද පොලීසිය කියයි.

අනතුරින් මියගිය සිසුවාගේ දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා විසින් නිකවැරටිය මූලික රෝහලේ දී පෙරේදා (11) සිදු කළේය.

නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් අනුව, සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ මෙහෙයවීමෙන්, රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමුණුගම මහතා සහ පොලිස් සැරයන් රස්නායක (66704 ) නිලධාරින් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබීය.

නිකවැරටිය සමූහ – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT