Home » වතු නිවාස වසර සියයත් ඉක්මවයි

වතු නිවාස වසර සියයත් ඉක්මවයි

by sachintha
February 13, 2025 2:56 am 0 comment

බළන්ගොඩ වතු නිවාස වසර සියයකටත් වඩා පැරණි වීම හේතුවෙන් එම වතු නිවාසවල ජීවත් වීමේදී තමන් දැඩි දුෂ්කරතාවලට පත්වෙන බව වතු ජනතාව පවසති.

එකම ලයින් කාමරයක පවුල් දෙක තුන ජීවත් වෙන බවද එම ජනතාව පවසති. තමන් වතු කම්කරුවන් ලෙස වතුකරයේ වසර තිහකට වඩා වැඩි කාලයක් සේවය කර තාමත් එම වතු ලයින් කාමරවල ජීවත් වෙන බවත්, තමන්ගේ දරුවන්ගේ දරුවනුත් විවාහ වී එම ලයින් කාමරවල ජීවත් වෙන බවද ඔවුහු පවසති.

වතු ලයින් කාමරවල සෙවිලි තහඩු වසර ගණාවකින්ම මාරුකර නොමැති බවත් සුදු ජාතිකයින් වතු පාලනය කරන කාලයේ ඉදිකළ ලයින් කාමරවල තාමන් ජීවත් වෙන බවද වතු කම්කරු ජනතාව සඳහන් කරති. ලයින් කාමරවල බිත්ති කැඩී බිඳී ගොස් ඇති බවත් වහලවල් දිරාපත් වී වර්ෂාව ඇති කාලවලදී තමන් වැස්සෙන් පීඩාවිඳින බවද ඔවුහු පවසති.

වතු ජනතාව වෙනුවෙන් ලයින් කාමර වෙනුවට නිවාස ඉදිකර දීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් තමන්ට ලොකු සහනයක් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

බළන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT