Home » බකමූණේ ඔරලෝසු කණුව දිරාපත්ව වසර 10යි

බකමූණේ ඔරලෝසු කණුව දිරාපත්ව වසර 10යි

by sachintha
February 13, 2025 1:00 am 0 comment

බකමූණ නගරයේ ඉදිකර ඇති ඔරලෝසු කණුව දිරාපත් වී අවුරුදු 10ක පමණ කාලයක් ගත වුවද මෙතෙක් මෙම ඔරලෝසු කණුව අලුත්වැඩියා කිරීමට ඇලහැර ප්‍රදේශීය සභාව කිසිදු පියවරක් ගෙන නොමැති බව නගරවාසීහු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ, ⁣බකමූණ ප්‍රදේශීය සභා කාර්යාලය ආසන්නයේ ඇති මෙම දිරාපත්ව ඇති ඔරලෝසු කණුව

කොයි මොහොතක හෝ කඩා වැටී මිනිස් ජීවිත බිලි ගැනීමට පෙර එය අලුත්වැඩියා කිරීමට බලධාරින් අවධානය යොමු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඇලහැර ප්‍රදේශීය සභාවේ නිලධාරිනියක් පැවසුවේ, ඔරලෝසු කණුව ඉවත් කරනවාද නැති නම් අලුත්වැඩියා කරනවා ද යන්න පිළිබඳව ඇලහැර සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි. ඇලහැර ප්‍රදේශීය ලේකම් සී. කරුණාරත්න මහත්මියගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය කියා සිටියේ, මෙම ඔරලෝසු කණුව අලුත්වැඩියා කිරීමට සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡා කර නොමැති බවත්, ඒ පිළිබඳව සොයා බලන බවත්ය.

ඇලහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT