Sunday, May 11, 2025
Home » මහීෂ් තීක්‍ෂණ ක්‍රිකට් ලොව අංක එකට ළංවෙයි

මහීෂ් තීක්‍ෂණ ක්‍රිකට් ලොව අංක එකට ළංවෙයි

by chanaka
February 13, 2025 2:32 pm 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ.

ඒ, පසුගිය 11 වැනිදා නිකුත් කළ නවතම අයි සී සී ශ්‍රේණිගත කිරීම් අනුවය.

මහීෂ් තීක්ෂණ එක්දින තරගයන්හි අයි සී සී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉහළට පැමිණෙමින්, දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. ඒ, ශ්‍රේණිගත කිරීම් ලකුණු 663 ක් ලබා ගනිමින්ය.

එහි පළමු ස්ථානයේ පසු වන්නේ, ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් ය. ඔහු ලබා සිටින ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 669 කි.

ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරගයේදී ද මහීෂ් තීක්ෂණ, පන්දුවාර 9 යි පන්දු 5 කදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT