Saturday, May 10, 2025
Home » විජේරාමේ වතුර කැපීම ගැන ජලසම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

විජේරාමේ වතුර කැපීම ගැන ජලසම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්

by chanaka
February 14, 2025 8:13 am 0 comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන පුවත් සාවද්‍ය බවත් ජල සැපයුම විසන්ධි කර ඇත්තේ අදාළ නිලනිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම ස්ථානයෙහි මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් නේවාසිකව සිට ඇති අතර ඔවුන් 2024 ඔක්තෝබර් මාසයේදී එයින් ඉවත්ව ඇති බවත් එහි ජල ගාස්තු ගෙවීම් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයෙන් බවත් පවසන එම මණ්ඩලය එහි හිඟ ජල ගාස්තු ගෙවන ලෙස කීපවතාවක් දැනුම් දුන්නද රුපියල් 429,000ක් නොගෙවා ඇති බැවින් ජලය විසන්ධි කළ බවත් සඳහන් කරයි.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

CamScanner 02-13-2025 18.38

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT