Saturday, May 10, 2025
Home » වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක්

වැඩි මිලට වී ගන්නන්ට පාරිභෝගික අධිකාරියෙන් දැඩි අවවාදයක්

by chanaka
February 14, 2025 8:15 am 0 comment

කුමන මිලකට වී මිලදී ගත්තත් සහල් වෙළඳපළට නිකුත් කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති සහල් පාලන මිල සඳහන් ගැසට් පත්‍රය අනුව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.

වැඩි මිලට සහල් විකිණීමේ අපේක්ෂාව ඇතුව වී මිලදී ගැනීමට කටයුතු කළත් ඊට ඉඩනොදෙන බවද ඔහු සඳහන් කළේය .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් ඇතුළුව ලැබෙන තොරතුරු අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි දිවයින පුරා සහල් ඇතුළු අනිකුත් භාණ්ඩ මිල පිළිබඳව වැටලීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

එළැඹෙන උත්සව සමය ඇතුළු අනිකුත් කාලවල සහල් සහ අනෙකුත් භාණ්ඩ වැඩි මිලට අලෙවි නොකරන ලෙස ‍ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කළහොත් පෞද්ගලික ව්‍යාපරිකයකුට රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර දඩමුදලක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ ඒ දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බවත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 5 සිට මිලියන 5ක් දක්වා දඩ මුදලක් නියම කිරීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT