ජාතික හා සිනමා පුවත්පත් මෙන්ම මෙරට පළ වූ සඟරා රැසක විශේෂාංග කර්තෘවරයකු හා මාධ්‍යවේදියකු ලෙසත් තිර පිටපත් රචකයකු, ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු, කවියකු මෙන්ම හින්දි භාෂා ගුරුවරයකු ලෙස ද රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයකු හා සරසවි සිනමා සම්මාන උලෙළේ ජූරි සභිකයකු ලෙසත් ආදී කලා ලොවේ විවිධ අංශයන් නියෝජනය කළ ප්‍රවීණ ජනහිතවාදී සිරි කහවලයන්ගේ 83වැනි ජන්ම දිනයට සමගාමීව ඔහු වෙනුවෙන් උපහාර උලෙළක් පෙබරවාරි මස 20 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 6ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වීමට නිදහස් කලා සන්ධානය කටයුතු යොදා ඇත. සිරි කහවලයන්ගේ ජීවන තොරතුරු අලළා සැකසුණ වාර්තාමය වැඩසටහනක් සහ සමරු කලඹක් ද එදින එළිදැක්වීමට ද කටයුතු යොදා ඇත.
ඉන්දීවරි පෙරේරා