කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනි අධ්‍යයන අංශයේ ඇකඩමික් ප්ලේයර්ස් (Academic Players) නාට්‍ය සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කැලණි සරසවි නාට්‍ය උලෙළ මෙම 19 සිට 28 දක්වා (ප.ව. 4.00 සහ ප.ව. 7.00 ) දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වේ.
ආරාධිත නාට්‍ය 04ක් සහ අධ්‍යයන අංශය මඟින් නිෂ්පාදිත නාට්‍ය ත්‍රිත්වයක් ද ඇතුළත්ය. විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සහ නාට්‍ය ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නාට්‍ය උලෙළ සංවිධාන කෙරේ. මෙහිදී චක්‍රායුධම්, නැතුවම බැරි මිනිහෙක්, මොනරු පිලක් උඩ, අපි ගෙවන්නෙම නැහැ, ඉන්ද්‍රජාලික පෙම්වතිය, ප්‍රේමයේ නගරය සහ හැමිල්ටන් යන නාට්‍ය දර්ශන වාර දෙක බැගින් ඉදිරිපත් කෙරේ.