Saturday, May 10, 2025
Home » ජර්මනියේ මියුනිච් නුවරදී මෝටර් රථයක් ජනතාව අතරට කඩා වැදී 28කට තුවාල

ජර්මනියේ මියුනිච් නුවරදී මෝටර් රථයක් ජනතාව අතරට කඩා වැදී 28කට තුවාල

by sachintha
February 14, 2025 2:15 am 0 comment

ජර්මනියේ මියුනිච් නුවරදී මෝටර් රථයක් පදිකයන් අතරට කඩා වැදීමෙන් පුද්ගලයන් 28දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් පසු පොලීසිය විසින් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු 24 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතිකයකු බව හෙළි වීමත් සමඟ ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ. එම අනතුර ත්‍රස්ත ක්‍රියාවක් බවට මෙතෙක් තහවුරු නොවූවත්, ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන විට මියුනිච් නුවර ආරක්ෂක සමුළුවට සහභාගි වීමට අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් සහ යුක්රේනයේ ජනාධිපති වොලොදිමිර් සෙලෙන්සි ඇතුළු ලෝක නායකයන් රැසක් මියුනිච් නුවරට නියමිතව තිබූ බවත්, එම අනතුර ආරක්ෂක සමුළුව පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමිටර් 1.5ක පමණ දුරකින් සිදුවීමත් හේතුවෙන් ඊට ජාත්‍යන්තර අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වේ. මියුනිච් ආරක්ෂක සමුළුව අද සිට ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT