Home » බංග්ලාදේශ විරෝධතාවේදී මානුෂීය අපරාධ සිදුවූ බවට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් වාර්තාවක්

බංග්ලාදේශ විරෝධතාවේදී මානුෂීය අපරාධ සිදුවූ බවට එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් වාර්තාවක්

by sachintha
February 14, 2025 1:17 am 0 comment

 

බංග්ලාදේශයේ පසුගිය වසරේ උද්ගතවූ රාජ්‍ය විරෝධී ගැටුම්වලදී හිටපු අගමැතිනිය ශෙයික් හසීනා සහ ඇගේ රජය විරෝධකරුවන් පාලනය කිරිමට ගත් ක්‍රියාමාර්ගවලදී මානුෂීය අපරාධ සිදුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ මැද භාගයේ බංග්ලාදේශයේ උද්ගත වූ දේශපාලන විරෝධතාවලදී පුද්ගලයන් 1,400ක් ඝාතනයට ලක්වූ බවත්, ඉන් වැඩි ඝාතන ප්‍රමාණයක් සිදු කර ඇත්තේ රජයේ ආරක්ෂක හමුදාව බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එවකට පැවැති රජයට චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

එම විමර්ශන කටයුතු සිදු කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ විරෝධතාකරුවන් මැඬ පැවැත්වීමට දේශපාලන නායකයන් සහ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් උපදෙස් ලබා දී ඇති බවය. එම පරීක්ෂණයේදි විරෝධතාකරුවන් ඝාතනය කිරීම සම්බන්ධව බරපතළ කරුණු රැසක් අනාවරණය වූ බවද වාර්තා වේ. විරෝධතාකරුවන්ට වෙඩි තැබීම, නීතිවිරෝධි ලෙස අත්අඩංගුවට ගැනීම සහ වධ හිංසාවට ලක් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT