Home » උස්බෙකිස්තානයත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වෙයි

උස්බෙකිස්තානයත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වෙයි

by sachintha
February 14, 2025 1:18 am 0 comment

වසර 2030 වන විට ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට එක්වීම සඳහා උස්බෙකිස්තානයෙන් ඉන්දියාවේ ප්‍රකට තාක්ෂණ සමාගමකට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට මේ වන විට රටවල් රැසක් එක්වී සිටින අතර, මධ්‍යම ආසියාවෙන් එක්වන දෙවැනි රට බවට ද උස්බෙකිස්තානය පත්වනු ඇතැයි වාර්තා වේ. මීට පෙර තවත් මධ්‍යම ආසියාතික රටක් වන කිර්ගිස්තානය ද කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තවත් වසර 5කින් කෘත්‍රිම බුද්ධියෙන් ලොව ජයගැනීමේ අපේක්ෂාවෙන් පසුවන උස්බෙකිස්තානයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා පසුගියදා එරට කෘත්‍රිම බුද්ධි සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉදිරිපත් කිරිමක් ද සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. උස්බෙකිස්තානයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ‘එල් ඇන්ඩ් ටී ඉන්ඩියා’නමැති සමාගමකට බවත්, එම සමාගමේ මෙහෙයුම් රටවල් 50කට අධික ප්‍රමාණයක සිදුවන බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT