Home » Google ට එරෙහිව මෙක්සිකෝ ජනපතිනිය නඩු යන්න සූදානම්

Google ට එරෙහිව මෙක්සිකෝ ජනපතිනිය නඩු යන්න සූදානම්

by chanaka
February 14, 2025 11:05 am 0 comment

ඇමරිකාව මෙක්සිකෝ බොක්ක “ඇමරිකානු බොක්ක” ලෙස ඒකපාර්ශ්විකව නම් කරන බවට චෝදනා කරමින් තම රජය ඇමරිකාවේ Google සමාගමට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට සූදානම් බව මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum Pardo මහත්මිය ප්‍රකාශ කරයි.

මෙක්සිකෝ සිටි අගනගරයේ ජාතික මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය ඊයේ(13) කියා සිටියේ, Google සමාගම එලෙස නම වෙනස් කිරීම “මෙක්සිකෝවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව, “ඇමරිකානු බොක්ක” යන නම ඇමරිකානු මහාද්වීපයට අයත් මුහුදු කලාපයේ පමණක් භාවිත කෙරේ. Google සමාගම කිසිදු අවසරයකින් තොරව මෙක්සිකෝ මහාද්වීපික තටාකය හා මෙක්සිකෝ ‍බොක්කයේ මුහුදු කලාපය දක්වා එම නාමය යොදා ගැනෙන පරාසය පුළුල් කර ඇති බව ඇය පෙන්වා දුන්නාය.

මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ ඇමරිකා-මෙක්සිකෝ ද්විපාර්ශ්වික ගිවිසුම් නොසලකා හැරීමක් බව ද ඇය අවධාරණය කළාය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT