Home » 10වැනි චීන-බ්‍රිතාන්‍ය උපායමාර්ගික සංවාදය සාර්ථකයි

10වැනි චීන-බ්‍රිතාන්‍ය උපායමාර්ගික සංවාදය සාර්ථකයි

by chanaka
February 14, 2025 11:07 am 0 comment

10 වන චීන-බ්‍රිතාන්‍ය උපායමාර්ගික සංවාදය ඵලදායී ප්‍රතිඵල ලබා ගනී. චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (13) ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය විදේශ ඇමති David Lammy මහතා සමග 10වැනි චීන-බ්‍රිතාන්‍ය උපායමාර්ගික සංවාදය පැවැත්වීය.

චීනය හා බ්‍රිතාන්‍යය අතර ඉදිරි සහයෝගිතා පිළිබඳ මාර්ග සිතියම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එහිදී එකඟතාවකට එළඹ තිබේ.

එම එකඟතාවට අනුව බ්‍රිතාන්‍ය බලශක්ති ආරක්ෂාව හා ශුද්ධ ශූන්‍ය විමෝචනය පිළිබඳව කටයුතු කරන ඇමතිවරයා චීනයට ගොස් චීන-බ්‍රිතාන්‍ය බලශක්ති සංවාදයක් ද විද්‍යාව, නවෝත්පාදනය හා තාක්ෂණය පිළිබඳ ඇමතිවරයා චීනයට ගොස් විද්‍යා තාක්ෂණ නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ චීන-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ කමිටුවේ රැස්වීමක් ද බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිවරයා චීනයට ගොස් චීන-බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිවරුන්ගේ සාකච්ඡා ද පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

එසේ ම චීන-බ්‍රිතාන්‍ය ආර්ථික හා වෙළඳ ඒකාබද්ධතා කමිටුව, සෞඛ්‍ය හා කර්මාන්ත සහයෝගිතා ඇතුළු යාන්ත්‍රණයන්ට අදාළ සංවාද පැවැත්වීම සඳහා වන සූදානම වේගවත් කිරීම, මූල්‍ය සේවා, පවිත්‍ර බලශක්ති හා කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල සහයෝගිතාවන්හි කැපී පෙනෙන අවස්ථා නිර්මාණය කිරීම ද එම එකඟතාවන්ට ඇතුළත් ය.

ගෝලීය කළමනාකරණය හා සංවර්ධන හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම, දේශගුණ විපර්යාසයට මුහුණ දීම සහ සයිබර් ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව තහවුරු කිරීමට ද චීනය හා බ්‍රිතාන්‍යය එකඟ වී ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT