Home » දේශගුණික විපර්යාසයන් ආදරවන්තයින්ට ‘චොකලට්’ තහනම් කරයි

දේශගුණික විපර්යාසයන් ආදරවන්තයින්ට ‘චොකලට්’ තහනම් කරයි

by chanaka
February 14, 2025 2:53 pm 0 comment

දේශගුණික විපර්යාස නිසා පෙම්වතුන්ට වැලන්ටයින් දිනයදා චොකලට් කටුක කරන තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එනම් ගෝලීය කොකෝවා නිෂ්පාදනයෙන් 70% කට පමණ වගකියන බටහිර අප්‍රිකානු කලාපයේ පවතින දේශගුණික අර්බුදය සමග සති ගනනාවක් තිස්සේ ඉහළ යන උෂ්ණත්වය නිසා කොකෝවා අස්වැන්න නෙළීමට බාධා එල්ල වී ඇති බවටයි.

මේ නිසා වාර්තාගත ලෙස චොකලට් මිල ඉහළ යාමට හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසයි.

එබැවින් ඇතැම් විට වැලන්ටයින් දිනයදා ඔබට මේ වසරේ වැඩි මුදලක් චොකලට්වලට වැය කරන්න සමහර විට සිදු වේවි.

ඇතැම් වෙළෙදුන් මේ ඉහළ පිරිවැය පියවා ගැනීම සඳහා පසුගිය මාසයේ චොකලට් මිල 20% කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. එසේම වසර අවසානයට පෙර තවත් වැඩිවීමක් කරන්නත් ඔවුන් බලාපොරොත්තු වේ.

එමෙන්ම බොහෝ වෙළෙදුන් හදවත හැඩැති ඇසුරුම් පෙට්ටි තුළ ඇති චොකලට් වල චොකලට් පිරිවැය පියවා ගැනීම සඳහා විවිධ ගෙඩි සහ පලතුරු වැනි පිරවුම් ද්‍රව්‍ය ද අඩංගු කර ඇතැයි ද වාර්තාවේ.

බටහිර අප්‍රිකානු කලාපයේ ගොවීන් මෑත වසරවල අධික උණුසුම, වගා රෝග සහ අසාමාන්‍ය වර්ෂාපතනය සමඟ අරගල කර ඇති අතර එය කොකෝවා අස්වනු පහත වැටීමට හේතුවී ඇතැයි ද සදහන් වේ.

මෙලෙස කොකෝවා අස්වනු පහත වැටීම නිසා චොකලට් වල ප්‍රධාන අමුද්‍රව්‍යය වන කොකෝවා මිල ඉහළ ගොස් තිබේ.

බටහිර අප්‍රිකාවේ කොකෝවා නිෂ්පාදනය කරන ප්‍රදේශ 44 ක දත්ත සහ පරිගණක ආකෘති භාවිතා කරමින් ගෝලීය උණුසුමෙන් බලපෑම පිඵිබඳවද සංසන්දනය කරමින් පර්යේෂකයන් මෙම අනාවරණය සිදු කරයි.

කොකෝවා වඩාත් හොඳින් වර්ධනය වන්නේ ෆැරන්හයිට් අංශක 89 දක්වා උෂ්ණත්වයකදී ය. පර්යේෂකයන් අදාළ ප්‍රදේශ 89.6 F ට වඩා වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමේ සම්භාවිතාව අධ්‍යයනය කරමින් කොකෝවා ගස් සඳහා ප්‍රශස්ත ලෙස මෙම උෂ්ණත්වය බලපාන ආකාරය පිළිබඳ සොයා බලා තිබේ. පර්යේෂකයන් පැවසුවේ “අධික උණුසුම අස්වැන්නේ ප්‍රමාණය හා ගුණාත්මකභාවය අඩු කිරීමට දායක විය හැකි” බවයි.

කොකෝවා ගස්වලට හානි කිරීම වැනි සාධක ද මෙලෙස කොකෝවා මිල ඉහළ නැංවීමට හේතු වන අතර, මීලි නම් මකුණන් ආසාදනය, වර්ෂාපතන රටා, ජාවාරම් සහ නීති විරෝධී පතල් කැණීම් ඇතුළුදෑ ද අයත්වේ.

නිව් යෝර්ක් කොකෝවා මිල ඉකුත් බදාදා ටොන් එකක් ඩොලර් 10,000 කට වඩා වැඩි වූ අතර දෙසැම්බර් මැද භාගයේ දී ඩොලර් 12,500 වැනි අගයක පැවතුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT