Home » මුහුදේ දියනාමින් සිටි13 දෙනෙක් ගහගෙන ගිහින්: 12ක් බේරා ගැනෙති

මුහුදේ දියනාමින් සිටි13 දෙනෙක් ගහගෙන ගිහින්: 12ක් බේරා ගැනෙති

තරුණයෙක් අතුරුදන්

by sachintha
February 14, 2025 2:13 am 0 comment

පොහොය දින පාණදුර මුහුදේ දියනාමින් සිටි 13 දෙනකු ගහගෙන ගොස් දොළොස් දෙනකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පාණදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.මෙසේ අතුරුදන්ව ඇත්තේ පාණදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටි 18 හැවිරිදි කේසාන් සඳරුවන් නමැති තරුණයකු බවට හඳුනාගෙන තිබේ.

අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා සහ තවත් මිතුරන් තිදෙනකු සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට පැමිණි අටදෙනකු ද පාණදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දියනාමින් සිට ඇති බව පැවසේ. එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමඟ ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි 12 දෙනකු බේරාගෙන ඇති බව පැවසේ. බේරාගෙන ඇති සියලු දෙනා වයස අවුරුදු 20ට අඩු තරුණයන් බවත්,මුහුද රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවත් ජීවිත ආරක්ෂක නිලධාරීහු සඳහන් කරති.

ජීවිත බේරා ගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී සීරීම් තුවාල ලබා ඇති බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

බේරාගත් එක් තරුණයකු 1990 සුවසැරිය ගෙන්වා රෝහල් ගත කළ බව ද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. නිමල්සිරි මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් (33628) ලක්මාල්, (101557) ධනුක සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ජීවිත බේරාගෙන තිබේ.

 

පාණදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT